නව කොරෝනා වෛරසය ව්‍යෘප්තිය 'සාස්'වලටත් වඩා වේගවත් වෙයි

වුහාන් කොරෝනා වෛරසය ආසියාව පුරා සහ ලොව පුරා ව්‍යාප්ත වන බැවින් නව ගෝලීය වසංගතයක් පිළිබඳ භීතියක් ඇති කර තිබෙනවා.
චීනයේ සහ හොංකොං හි සිටින අයට, එය විශේෂයෙන් සිහිපත් කරන්නේ 2003 දී 774 දෙනෙකු මරණයට පත් කළ සාස් (Severe acute respiratory syndrome - SARS) වෛරසයයි. එයින් මියගිය අයගෙන් 280 කට වඩා හොංකොං ජාතිකයින් වනවා.
මෙම නව කොරෝනා වෛරසය දැන් සාස් වෛරයට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ව්‍යාප්තිය : සාස් වෛරසය 2002 වර්ෂයේ නොවැම්බර් සිට 2003 වර්ෂයේ ජූලි දක්වා මාස 8ක කාලයක් තුළ ආසාදිතයින් වාර්තා වුයේ 8,098ක්. කොරෝනා වෛරසය පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා මාස දෙකකට ආසන්න කාලයක් තුළ ආසාදිතයින් 6,056ක් ලෙස වාර්තා වුණා.
මරණ අනුපාතය: කොරෝනා වයිරසය, සාස් වයිරස හෝ මාස් වයිරස වලට වඩා බෙහෙවින් අඩු බවක් පෙන්නුම් කරයි. කොරෝනා වයිරසයේ මරණ අනුපාතය 2.2% ක් පමණ වන අතර එය SARS සඳහා 10% ක් හා MERS සඳහා 34% ක් වේ.
එහෙත් කොරෝනා වෛරසය සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා (Seasonal influenza) වයිරසය තරම් මාරාන්තික බව පෙනේ. එය සෑම වසරකම දහස් ගණනකගේ ජීවිත බිලිගනී. චීන විද්‍යාඥයින් විසින් 2019දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ චීනයේ ඉන්ෆ්ලුවෙන්සා මරණ අනුපාතය 1.6% සිට 2.6% දක්වා වන බවයි.
කෙසේ වෙතත්, කොරෝනා වෛරස් සඳහා වන මරණ අනුපාතය වැඩි වශයෙන් වෙනස් විය හැකි අතර මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බව ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ සදහන් කරයි.
840 Views
Comments