ලෝක බැංකුව ශ්‍රී ලංකාව පහත හෙලයි...
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

ලෝක බැංකුව ශ්‍රී ලංකාව පහත හෙලයි...

ලෝක බැංකුව ශ්‍රී ලංකාව පහත හෙලයි...

ආදායම් මට්ටම අනුව රටවල් වර්ගීකරණය කිරීම යටතේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා ඇත.

 

එමෙන්ම 2020-2021 ආදායම් මට්ටම අනුව රටවල් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව මෙසේ පහළ වැටීඉමකට ලක්වන්නේ මෙරට ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට ඇතුළත් වී වසරකට පසුවය.

 

මේ වසර තුල මෙසේ තමන් අයත් කාණ්ඩය වෙනස් වූ රටවල් 10ක් ඇති අතර ඒ අතුරින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 03ක් පහළ මට්ටමක් කරා ගමන් කර ඇත. එසේ වූ අනෙක් රටවල් දෙක වන්නේ සුඩානය සහ ඇල්ජීරියාවයි.

 

2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4060ක් වූ අතර එබැවින් ලෝක බැංකුව විසින් මෙරට ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට වර්ගීකරණය කරන ලදී.

 

නමුත්, 2020 වර්ෂය සඳහා ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4020 ක් ලෙස වීමෙන් පසුව ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය විය.

 

මෙලෙස සිය නවතම වර්ගීකරණයන් හඳුන්වා දීමේදී ලෝක බැංකුව අවධාරණය කර සිටියේ සිය ආදායම් වර්ගීකරණයන් සඳහා පසුගිය වසරේ දළ ජාතික ආදායම බවත් එබැවින් මෙම මේ හරහා COVID-19 හි බලපෑම පිළිබිඹු නොවන බවත් ය.

 

ලෝක බැංකුව විසින් රටවල් වල ආර්ථිකය ආදායම අනුව පහළ, පහළ-මධ්‍යම, ඉහළ මධ්‍යම, ඉහළ ලෙස කාණ්ඩ හතරකට වර්ග කරයි.

 

views

803 Views

Comments

arrow-up