තව මාස 6ක් රු.5000 දෙන්න - UNICEF
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

තව මාස 6ක් රු.5000 දෙන්න - UNICEF

තව මාස 6ක් රු.5000 දෙන්න - UNICEF

ශ්‍රී ලංකාවේ පවුල්වලින් 30%ක් පසුගිය මැයි මාසයේදී ආහාර පරිභෝජනය අඩුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් (UNICEF) සංවිධානය අනාවරණය කරයි.

 

කොවිඩ් වසංගතය අතරතුර බිඳවැටුණු ආර්ථිකය හමුවේ දකුණු ආසියාතික දරුවන්ගේ පෝෂණය පිළිබඳව යුනිසෙෆ් විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල ඔස්සේ මෙම තොරතුරු අනාවරණය කර ඇත.

 

එම සමීක්ෂණ ප්‍රතිඵල වැඩිදුරටත් අනාවරණය කරන ආකාරය ශ්‍රී ලංකාවේ පවුල්වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් අදාළ කාලසීමාවේ මස්, මාළු, කිරි, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර පරිභෝජනය අඩු කර ඇත.

 

එසේම පවුල් 54%ක් පලතුරු සහ එළවළු පරිභෝජනය අඩු කර ඇත.

 

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 39%ක් කොවිඩ් වසංගතයට පෙර සිටම යකඩ බහුල ආහාර පරිභෝජනය නිසි පරිදි සිදුනොකරන බැවින් මැයි මාසයේ සිදුව ඇති මෙම වෙනසත් සමග දරුවන් අතර ඇති මන්දපෝෂණ අනුපාතය නරක අතට හැරෙනු ඇතැයි ද යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි.

 

විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණය පිළිබඳව සලකා බලනවිට රජය විසින් ආර්ථික අසීරුතාවන්ට පත් පවුල්වලට ලබාදෙන රුපියල් 5000 දීමනාව පැසසිය යුතු වැඩසටහනක් ලෙස දක්වන යුනිසෙෆ් සංවිධානය ළමා යහපැවැත්ම වෙනුවෙන් එය තවත් මාස 6ක කාලයක්වත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.

 

views

795 Views

Comments

arrow-up