මඩ ගැහුවා කියලා ම​ගේ කට වහන්න වෙන්නේ නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

මඩ ගැහුවා කියලා ම​ගේ කට වහන්න වෙන්නේ නෑ

මඩ ගැහුවා කියලා ම​ගේ කට වහන්න වෙන්නේ නෑ

‘අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ‘අගරදගුරු’ කියන එක ‘අද රදගුරු’ කියලා කිව්වා කියන එක විතරයි මගේ අතින් වෙච්ච වැරැද්ද. ඒ ගැන මම සමාව ගන්නවා. හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත් දකින්න අපට දෙමාපියන් උගන්වලා තියෙනවා. මට මඩ ගැහුවා කියලා ම​ගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ.ඒ ගැන කතා කරන්න හරින් ප්‍රනාන්දු බය වෙන්නෙත් නැහැ’’යි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු සමගි ජන බලවේගයේ බදුල්ල ආසන බල මණ්ඩල සමුළුව පෙරේදා (23 වැනිදා) අමතමින් පැවසීය.

 

එහිදී හරින් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

 

‘‘අපට ජනාධිපතිකම මිස් වුණේ රනිල් වික්‍රමසිංහ කරපු ඒ පාදඩ වැඩේ නිසා කියන එක මම බය නැතිව කියනවා. අගෝස්තු 12 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා මෙන්න සජිත් එනවා කියලා මාතෘකාවක් හැදුවා. අපේක්ෂකත්වය දුන්නේ ඔක්තෝබර් 7 වැනිදා. එතකොට මාස දෙකක් ගිහිල්ලා. මාස දෙකක් ගියාට පසු මාසෙන් දුවන්න කියලා පාරට දැම්මා. ඒත් ඒ මනුස්සයා ඡන්ද ලක්ෂ 56ක් ගත්තා. මං එදා ඔය කතාව තමයි කියාගෙන ආවේ.

 

සජිත් මහත්තයට සියයට හතළිස් දෙකයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සියයට පනස් දෙකයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් සියයට පහක් මේ පැත්තට බැරකර ගත්තා නම් 47යි 47යි. දෙවැනි මනාපයකට යනවා. ජවිපෙ එක ඒගොල්ලන්ගේ දෙවැනි මනාපය ගහලා තිබුණේ සජිත් මහත්තයාට. ඒකයි මම කිව්වේ මෙතැන ගේමක් තිබුණා කියලා.

 

පාස්කු ප්‍රහාරය, මුස්ලිම් මිනිසුන්ගේ මනස වෙනස් කිරීම, කතෝලික ඡන්දය වෙනස් කිරීම, මං එදා ඒක කියාගෙන එනකොට තමයි ඔය අතිඋතුම් කාදිනල් හිමිපාණෝ වගේ අයගේ ප්‍රකාශ මේකට බලපෑමක් වුණා කියලා මම කිව්වේ.

 

ඒක මගේ මතය. මගේ ගණන් හැදිල්ල ඒකයි. උන්වහන්සේට හෝ කතෝලික ජනතාවට ඒකෙන් බාධකයක්, සිත් තැවුලක් වුණා නම් ඒකට සමාව අයැදිනවා. නමුත් මගේ ස්ථාවරය ඒ ස්ථාවරයයි.

 

මං කියන්නේ මට කියපු දේවල්. තාත්තා නිසා ඇමැතිතුමා බේරුණා, අපේ මිනිස්සු මැරුණා, ඒ වගේ අපට කරපු චෝදනාවලට මිනිස්සු වෙනස් වුණා. ඒ විතරක් නෙවෙයි කොන්ද පණ තියෙන නායකයෙක් පත්කර ගන්න ඕනෑ කිව්වා. මේ ආණ්ඩුව වෙනස් වෙන්න ඕනෑ කිව්වා.

 

ඒවා දේශපාලනය කරේ නැහැ කියනවා නම් ඉතින් ඒක දෙපාරක් හිතලා බලන්න ඕනෑ කතාවක්. හැබැයි අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මම මේ අවස්ථාවේ සමාව භජනය කරනවා. මට අර අගරදගුරු කියන එක අදරදගුරු කියලා කිව්ව එකටයි. ඒක විතරයි මගෙන් වුණ වැරැද්ද. පාස්කු ඉරිදා සිද්ධියට මෛත්‍රිපාල සිරිසේන වගකියන්න ඕනෑ. පොලිසිය, ආමි එක ඔක්කොම තිබුණේ එතුමා යටතේ. අද කොහෙද මෛත්‍රිපාල සිරිසේන ඉන්නේ. කොහෙද කරුණා අම්මාන් ඉන්නේ? මිනීමරපු උන් ​කොතැනද ඉන්නේ? උන් ඔක්කොම ඉන්නේ එකම තැනක.

 

අපිට තමයි රිටන් එක. මාධ්‍යයෙන් මගෙන් ඇහුවා මේ සිද්ධිය පොලිසිය දැනගෙන හිටියෙ නැද්ද කියලා. මං ඇහුවා ලෙඩ ඇඳේ හිටිය මගේ තාත්තා දැනගත්තා නම් පොලිසිය නොදැන හිටියේ කොහොම කියලා. ජනමාධ්‍යයේ ගියේ මං කියපු කතාව නෙවෙයි, ඒක අවශ්‍ය පරිදි කපා කොටා හදලා තිබුණා.

 

මම කාදිනල් උන්නාන්සේට අපහසායක් කළේ නැහැ. කාදිනල් උන්නාන්සේ කියන්නේ ආත්මික පියා. පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය දා මං හිටියේ බදුල්ලේ. ආතභූත කතාවක් කියලා මාව විශාල වශයෙන් විනාශ කළා. ඊට පස්සේ ඒ කනගාටුවට මගේ පියා මියගියා.

 

මඩ ගැහුවට වැඩක් නැහැ. මං විශ්වාස කරනවා මේක දෙයියෝ බුදුන්ගේ රට. ගම්පහ පස් හොරා මට අභියෝගයක් කරලා තිබුණු පුළුවන් නම් ගම්පහ රැස්වීමක් කරපන් කියලා. මම කියනවා මම රැස්වීම තියනවා. පුළුවන් නම් නවත්තපන් කියලා. ලංකාව පුරා රැස්වීම් හයසීයක් පවත්වනවා.’’

 

views

702 Views

Comments

arrow-up