නව උප්පැන්න සහතිකයේ සිදුවන වෙනස්කම් මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

නව උප්පැන්න සහතිකයේ සිදුවන වෙනස්කම් මෙන්න

නව උප්පැන්න සහතිකයේ සිදුවන වෙනස්කම් මෙන්න

උප්පැන්න සහතික පත්‍රය මින් ඉදිරියට " ජාතික උප්පැන්න සහතිකය" නමින් හඳුන්වා දෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සි. විතානගේ ප්‍රකාශ කර සිටිනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කළේ නව 2019 වර්ෂයේ හඳුන්වා දුන් ජාතික උප්පැන්න සහතිකය පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩු පාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්‍ෂිත ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල වන සේ සකස් කොට ඇති බවයි.

 

එම උප්පැන්න සහතිකයෙන් සමහර ළමුන්ට අගතිගාමී ලෙස බලපාන දෙමාපියන් විවාහකද යන කොටස ඉවත් කොට භාෂාද්වයෙන් සකස් කොට ඇත.

 

එමෙන්ම පැරණි උප්පැන්න සහතිකයේ පවා නොමැති කරුණක් වන ආගම පිලිබඳ විස්තර ජාතික උප්පැන්න සහතිකයට ඇතුලත් කර නොමැති අතර ජාතිය යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වයද ඇතුලත් කොට ඇත.

 

මෙතෙක් ජනගත කර නොමැති නව ජාතික උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් අදාළ කාර්ය පියවර සම්පුර්ණ වීමෙන් පසු ජනගත කිරිමට බලාපොරොත්තුවන බවයි රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

 

යෝජිත උප්පැන්න සහතිකයේ සිදු කිරිමට යන වෙනස්කම් පහත පරිදි වේ,

 

1. උප්පැන්න සහතිකය යන්න වෙනුවට ජාතික උප්පැන්න සහතිකය නමින් හඳුන්වා දී ඇත.

 

2. භාෂාද්වයෙන්ම සැකසේ

 

3. උපතේදී ලබාදෙන අනන්‍යතා අංකය ඇතුලත් කොට ඇත.

 

4. වඩාත් ආරක්‍ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සැකසේ.

 

5. ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකර්යක් අලවා ඇත.

 

6. රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබේ.

 

views

824 Views

Comments

arrow-up