ස්වයං නිරෝධායනය වන අයට වෙනම ඡන්ද මධ්‍යස්ථානයක් හෝ ඡන්ද පෙට්ටිය ගෙදරටම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

ස්වයං නිරෝධායනය වන අයට වෙනම ඡන්ද මධ්‍යස්ථානයක් හෝ ඡන්ද පෙට්ටිය ගෙදරටම

ස්වයං නිරෝධායනය වන අයට වෙනම ඡන්ද මධ්‍යස්ථානයක් හෝ ඡන්ද පෙට්ටිය ගෙදරටම

ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස වෙනුවෙන් අදාළ ප්‍රදේශයේ වෙනම ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට හෝ ඡන්ද පෙට්ටිය රැගෙන නිවසින් නිවසට යෑමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

 

ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස් පොදු ඡන්ද මධ්‍යස්ථානයට නොකැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව පෙරේදා (15 වැනිදා) තීරණය කළ අතර ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දිනයේ පස්වරු 4.00 සිට 5.00 දක්වා අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව මීට ඉහතදී තීරණය කර තිබිණි.

 

නිරෝධායන නීති යටතේ ස්වයං නිරෝධායනයට ලක්වූවන්ට නිවසින් පිටතට නොයන ලෙස දැනුම්දී තිබීම නිසා, ඡන්ද පොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට කීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.

 

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වන පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සම්බන්ධව කටයුතු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ඒකකයක් මෙමස 20 වැනිදා සිට ක්‍රියාත්මකය.

 

මෙම ඒකකයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ද පත් කෙරෙන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

 

මෙම ඒකකය මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යටතේ ක්‍රියාත්මකය.

 

නි​රෝධායනයට ලක්වන පිරිස්වල ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සූදානම් බවත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.

 

views

742 Views

Comments

arrow-up