” PHIට බලය දෙන්නේ නෑ ” පවිත්‍රා කියයි – කොරෝනා රාජකාරිවලින් ඉවත්වන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සුදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

” PHIට බලය දෙන්නේ නෑ ” පවිත්‍රා කියයි – කොරෝනා රාජකාරිවලින් ඉවත්වන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සුදානම්

” PHIට බලය දෙන්නේ නෑ ” පවිත්‍රා කියයි – කොරෝනා රාජකාරිවලින් ඉවත්වන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සුදානම්

මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය අද (17 වැනිදා) ප්‍රකාශයට පත් කළද නිරෝධායන පනතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පැවැරීම සිදු නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබුණා.

 

නිරෝධායන පනතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පැවරීම තුළින් සාමාන්‍ය ජනතාවට පීඩාවක් ඇතිවිය හැකි නිසා එය බලාත්මක කිරීම ප්‍රමාද කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

 

කෙසේ වෙතත් මැතිවරණයට අදාළ සෞඛ්‍ය නීතිරීති ගැසට් කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය නොලැබුණහොත් සෞඛ්‍ය මාර්ගෝපදේශ බිම් මට්මේ ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

 

නිරෝධායන පනතෙන් මහාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය පොරොන්දු වූ බව සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසුවා.

 

පොරොන්දු කඩ කරමින් බලය ලබා නොදීමට කටයුතු කළහොත් කොවිඩ්-19 රාජකාරිවලින් ඉවත් වන බවට ඔහු අනතුරු අඟවනවා.මේ සම්බන්ධයෙන් සෙනසුරාදා (18 වැනිදා) පෙරවරුවේ අවසන් තීරණයක් ගන්නා බවද ඔහු පැවැසුවා.

 

views

963 Views

Comments

arrow-up