කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන්ගේ PCR වාර්තාව නිකුත්වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන්ගේ PCR වාර්තාව නිකුත්වේ

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන්ගේ  PCR වාර්තාව නිකුත්වේ

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ හේතුවෙන් කොරෝනා වෛරසය සමාජයට යෑමට තිබූ එක් අවස්ථාවක් මගහැරී ගොස් ඇති බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

 

මේ වනවිට මෙම පොකුරෙන් කොරෝනා ආසාදනය වී තිබෙන්නේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට පමණක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

මේ වනවිට රටපුරා නිරෝධායන මධ්‍යස්ථාන 60ක් පවත්වාගෙන යන බවත් එහි පුද්ගලයින් 7,060ක් නිරෝධායනය වන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

views

776 Views

Comments

arrow-up