ඇත්තටම ඡන්දේ ඉල්ලන්නේ 2000 ට අඩු ගණනක් - පැෆ්රල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

ඇත්තටම ඡන්දේ ඉල්ලන්නේ 2000 ට අඩු ගණනක් - පැෆ්රල්

ඇත්තටම ඡන්දේ ඉල්ලන්නේ 2000 ට අඩු ගණනක් - පැෆ්රල්

අපේක්ෂකයන් 7452 කු මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටියද සැබැවින්ම තරඟ කරන්නේ 2,000 ට ආසන්න පිරිසක් බව පැෆ්රල් සංවිධානය පවසනවා.

 

මහ මැතිවරණයට ඉදිරිපත්වී ජයගෙන පාර්ලිමේන්තුවට යාමට අපේක්‍ෂා කරන අපේක්‍ෂකයින් ලෙස හදුනාගත හැකි වන්නේ අවම සංඛ්‍යාවක්.

 

බහුතර පිරිසක් දේශපාලන අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දපොල නියෝජිතයින් පත් කිරීම වැනි කාරණා වෙනුවෙන් අපේක්‍ෂකත්වය ලබාගෙන ඇතැයිද පැෆ්රල් සංවිධානය පවසනවා.

 

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතකම් ලබාගැනීම සහ ප්‍රචාරක අවස්ථා ලබා ගැනීම එම බහුතරයක් අපේක්‍ෂකයින්ගේ අරමුණ ලෙසද හදුනාගෙන තිබෙනවා.


පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව කර ඇති නිරීක්‍ෂණවලදී මෙම කරුණු අනාවරණ වූ බවයි පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන්නේ.

 

මැතිවරණයට ඉදිරිපත් වීමේ පුරවැසි අයිතිය පිළිගන්නා නමුත් ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් මේ ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳ එකඟ විය නොහැකි බවයි එම සංවිධානය අවධාරණය කර සිටින්නේ.

 

පුද්ගලික අරමුණු ඉටු කරගැනීම සඳහා කරන කටයුතු හේතුවෙන් ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිකිරීමේ සිට විශාල අතිරේක වියදමක් සහ ශ්‍රමයක් වැය කිරීමත් දක්වා ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුවනවා.

 

views

647 Views

Comments

arrow-up