ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..

ජනපතිගේ බැණුම් වැලට මහ බැංකු දෙවැනියා ප‍්‍රතිචාර දක්වයි.. ජනපති වැරදි වැටහීමකලු..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනෙක මහබැංකු නිලධාරීන්ට බැනවැදුණේ වැරදි වැටහීමකින් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කර ඇත.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා චමුදිත සමරවික්‍රම මහතා සමග පැවැති යූටියුබ් නාළිකා සාකච්ජාවකදී මේ බව සදහන් කර ඇත.

 

එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ බිලියන 300ක මුදල් මුද්‍රණය කළ බවද ඒ මහතා කියා සිටියේය.

 

“රජය විසින් ලබා දෙන සහන සැලසීමේදී වාණිජ බැංකු මැලිකමක් දක්වනවා එම ණය ලබා දෙන්න. ඔවුන් කියන්නේ මෙම ව්‍යාපාර වලට ණය ලබාදීලා ඔවුන් එම ණය පියවුයේ නැත්නම් තමන්ට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා.

 

මේ හේතුව නිසා එම වාණිජ බැංකුවලට අපි කිව්වා ලබාදී තිබෙන රුපියල් බිලියන 200 ක මුදලින් ණය ලබා දෙන්න කියලා ඒ සඳහා මහ බැංකුව ඇප වෙන්නම් කියලා. නමුත් එය එසේ වෙන්නේ නැහැ කියලා අපිට පේනවා. අවසානයේදී අපි තීරණය කළා තවත් රුපියල් බිලියන 120ක් මුද්‍රණය කරන්න. ඒ ගැන අවසන් තීරණය අපි ඉදිරියේදී අරගන්නවා. නමුත් අපි ඊට පෙර රුපියල් බිලියන 300ක් මුද්‍රණය කළා. එම මුදල් වාණිජ බැංකු ඇතුළු වෙනත් අංශවල මේ වන විට සංසරණය වෙනවා.

 

ණය ලබාදීමේදී වාණිජ බැංකු මහ බැංකුවෙන් ඉල්ලන්නේ එම ලබාදෙන ණය සඳහා රක්ෂණයක් ලබා දෙන්න කියලා. නමුත් ඒ ගැන තවමත් තීරණයක් අරගෙන නැහැ. නමුත් මේ අවස්ථාවේදී සිදු කළ යුතු හොඳම දේ එකයි. එතකොට වාණිජ බැංකු බය නැතුව අඩු පොලියට ණය ලබාදීම සිදුකරනවා.

 

පසුගිය සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි දෝෂාරෝපණයක් කළා මහ බැංකුවේ නිලධාරීන්ට. නමුත් ඒ වෙනකොටත් මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන මුදල් මණ්ඩලයේදී සාකච්ජා කරලා තිබ්බේ. නමුත් එම තීරණ ක්‍රියාත්මක කරන්න නොහැකිව තිබුණේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසයි. මම හිතන්නේ ජනාධිපතිතුමා මහ බැංකු නිලධාරීන්ට බැන්නේ වැරදී වැටහීමකින් කියලා ” යනුවෙන් ඒ මහතා සදහන් කොට ඇත.

 

views

891 Views

Comments

arrow-up