ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26ක අධිභාරය ඉවත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26ක අධිභාරය ඉවත් කෙරේ

ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26ක අධිභාරය ඉවත් කෙරේ

Covid-19 හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය පෙරේදා රාත්‍රි (23) සිට ඉවත් කරන ලද බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

ඊට හේතුව නැවතත් ලෝක වෙළෙඳ පළේ ඉන්ධන මිල ගණන් ක්‍රමයෙන් ඉහළයමින් පැවැතීමයි. ලෝක වෙළෙඳපළ තුළ ඉන්ධන මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමේ අදහසක් නැතැයි අමාත්‍යවරයා පැවසීය.

 

ඉන්ධන අධිභාරය ඉවත් කිරීම මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවන පාඩුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 35කටත් වඩා වැඩිවන අතර, ඩීසල් ලීටරයකින් සිදුවන පාඩුව රු. 25ක් පමණ වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

පසුගිය මාස දෙක තුන තුළ ලෝක වෙළෙඳ පළෙහි ඉන්ධන මිල පහළ යාම තාවකාලිකව සිදු වූවක් වන අතර කොවිඩ් 19 නිසා ලෝකයේ බොහෝ රටවල් විසින් පනවා තිබු සීමාවන් ඉවත් කිරීමත් සමග නැවත වරක් ඉන්ධන මිල ඉහළ යමින් තිබේ.

 

එම අවස්ථාවේ මිල අවම නිසා ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමක් සිදු නොකළේ ඉන්ධන මිල ඉහළ ගිය පසු නැවතත් මිල වැඩි කිරීමට සිදුවන නිසා බව කී අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල කෙතරම් ඉහළ ගියද, මෙම වසර අවසානය වන තෙක් මෙරට ඉන්ධන ‍මිල ඉහළ දැමීමක් කිසිදු අයුරකින් සිදු නොකරන බව ද සඳහන් කළේය.

 

ඉන්ධන අධිභාරය පැනවීමේ වාසිය මහජනතාවට ලබා දීම රජයේ අරමුණ බව ද හෙතෙම අවධාරණය කළේය.

 

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල නැවතත් ඉහළයමින් පවතින බැවින් , මිල අඩුවු අවස්ථාවේ ඉන්ධන මිල අඩු කළා නම් ඉතාමත් කෙටිකාලයක් තුල ඉන්ධන මිල නැවතත් ඉහළ නැංවීමට රජයට සිදුවනු ඇත. එමෙන්ම ඉන්ධන මිල අඩු කළා නම් එහි වාසිය අත්වන්නේ සාමාන්‍ය මහජනතාවට නොව වාහන ඇති සීමිත පිරිසකට පමණි.

 

නමුත් අධිභාරය පැනවීම තුළින් ඉන්ධන මිල පහළ යාමේ වාසිය රටට අත් වු බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

 

views

775 Views

Comments

arrow-up