නාවික හමුදාවේ තවත් 30 කට කොරෝනා වැළදේ : මුළු සංඛ්‍යාව 60ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

නාවික හමුදාවේ තවත් 30 කට කොරෝනා වැළදේ : මුළු සංඛ්‍යාව 60ක්

නාවික හමුදාවේ තවත් 30 කට කොරෝනා වැළදේ : මුළු සංඛ්‍යාව 60ක්

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30 දෙනෙකුට අද (24) දිනයේදී කොරෝනා වෛරසය වැලදී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

 


ඒ අනුව මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි සෙබළුන් 60 දෙනෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

 


මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුර සම්පුර්ණයෙන්ම හුදෙකලා කර ඇති බවත් එම කඳවුරේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

 


කඳවුරේ සිට නිවාඩු ලබා ගොස් සිටි සෙබළුන් යලි කඳවුර වෙත රැගෙන ඒමට විශේෂ වැඩපිළිවලක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් එලෙස රැගෙන එන පිරිස් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් වෙනම ස්ථානයක් ද සකස් කරමින් සිටින බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ

 

views

989 Views

Comments

arrow-up