ඩෙංගුවලින් 109 ක් මැරුනා ඒත් රට වැහුවද නෑ නේ ? - දින දෙකක් හරි අරගෙන මැතිවරණය තියන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

ඩෙංගුවලින් 109 ක් මැරුනා ඒත් රට වැහුවද නෑ නේ ? - දින දෙකක් හරි අරගෙන මැතිවරණය තියන්න

ඩෙංගුවලින් 109 ක් මැරුනා ඒත් රට වැහුවද නෑ නේ ? - දින දෙකක් හරි අරගෙන මැතිවරණය තියන්න

රටේ පවතින වාතාවරණය හේතුවෙන් මහ මැතිවරණ පැවැත්වීම ගැටලුවක් වුවත්, මැතිවරණය දිගින් දිගටම කල් දැමීම ඊටත් වඩා දැවැන්ත ගැටලුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා. කොවිඩ් වසංගතයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු තීන්දු තීරණ නිවැරදිව ගෙන ඇති බැවින් ජුනි මාසයට පෙර මැතිවරණය පැවැත්විය හැකි බවයි හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

 

රට ස්ථාවර කිරීම සඳහා මහ මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බවත්, අවශ්‍ය නම් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දින දෙකක් හෝ ලබා දී, අවශ්‍ය පහසුකම් වැඩිකර හෝ මැතිවරණය පැවැත්විය යුතු බවයි සුමතිපාල මහතා පවසන්නේ.

 

 

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 

පසුගිය වසරේදී ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 109 ක් මියගොස් ඇති බවත්, පෙර වසරේදී ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මියගිය බවත් පෙන්වා දෙන තිලංග සුමතිපාල මහතා පවසන්නේ එසේ වුවද රට වසා තැබීමට කටයුතු නොකළ බවයි.

views

745 Views

Comments

arrow-up