චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
24

චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

ඒ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති කොරෝනා වෛරසය හමුවේ මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ යාමත් හේතුවෙනි.

 

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 830 ට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

 

චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ, වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වී ඇති බවයි.

 

හෙට දිනයේ නව වසරේ උදාවට චීන වැසියන් සූදානම් වෙමින් සිටියදී වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා චීනයේ ඇතැම් ප්‍රදේශවල මහජනතාවගේ ගමනාගමන කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

මේ හේතුවෙන් එම පළාත්වල ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බව වාර්තා වනවා.

 

චීනයේ හුබෙයි පළාතේ මිලියන 20 කට අධික පිරිසකට පළාතට ඇතුළුවීම හා පිටවීම තහනම් කර තිබෙනවා.

 

කොරොනා වෛරසයේ අවදානම හේතුවෙන් හුබෙයි පළාතේ නගර 10කට මෙම තහනම පනවා ඇති බව සඳහන්.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හුබෙයි පළාතේ දුම්රිය බස් හා පොදු ප්‍රවාහන මේවන විට ක්‍රියාත්මක නොවන බවයි.

 

නව වසර වෙනුවෙන් බීජිං නුවර හා හොංකොංහි පැවැත්වීමට නියමිත ප්‍රධාන උත්සව තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

 

චීන රජය මෙම පියවර ගෙන ඇත්තේ පිරිස් එක් රැස්වීමෙන් කොරොනා වෛරසය පැතිරීමට ඇති අවදානම සලකා බැලීමෙන් පසුවයි.

 

මේ අතර චීනයේ වුහාන් සිට ප්‍රංශයට පැමිණි කාන්තාවක එරට චීන තානාපති කාර්යයාලය අත්ඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ අනාවරණය වීම වළක්වන ඖෂධ පානය කර පැමිණීම හේතුවෙන්.

 

පැරිස් ගුවන් තොටුපළේ සෞඛ්‍ය පරීක්ෂණය සමත් වීමේ අරමුණින් ඇය මෙලෙස ඖෂධ පානය කර පැමිණ තිබෙනවා.

views

781 Views

Comments

arrow-up