අධික තදබදය හේතුවෙන් වැලිකඩ රැඳවියන් බොගම්බර වෙත මාරු කිරීමට නියමිතයි

දිවයින පුරා බන්ධනාගාර කිහිපයක් තදබදයට මුහුණ දී සිටින හෙයින්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් නව බොගම්බර බන්ධනාගාරයට මාරු කිරීමට නියමිතයි.
බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන) චන්දන ඒකනායක මහතා කියා සිටියේ දළුපොත බන්ධනාගාරය, කෑගල්ල බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය වැනි බන්ධනාගාර කිහිපයක් මේ වන විට පිරී ඉතිරී ගොස් ඇති බැවින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.
දැනට ප්‍රතිසංස්කරණය කරමින් පවතින බොගම්බර බන්ධනාගාර සංකීර්ණයේ නිරෝධායන සදහා යොමුකර ඇති පිරිසක් ද සිටිනවා.
කෙසේ වෙතත්, ඒ අසල නව බන්ධනාගාරයක් ඉදිකර ඇති අතර, වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් පිරිසක් ඒ වෙත මාරු කිරීමටයි සූදානම් වන්නේ.
මීට අමතරව, කෑගල්ල බන්ධනාගාරයේ සිට සිරකරුවන් ගණනාවක් පල්ලකැලේ බන්ධනාගාරයට මාරු කරනු ලබන බව ඒකනායක මහතා සඳහන් කළා.
804 Views
Comments