SEP
09
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සදුදා(14) සිට යළිත් ක්‍රියාත්මකයි

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන 14 වනදා සිට යළි ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදයව අවම කිරීම සඳහායි මෙම මංතීරු නීතිය හදුන්වා දුන්නේ.
මංතීරු නීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉදිරි දින කිහිපය තුළ පුලුල්ව ජනතාව දැනුම්වත් කිරීමට ද නියමිතයි.
මෙම නීති කඩ කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි පොලීසිය සැලසුම් කර තිබෙන්නේ.
639 Views
Comments