විදෙස් නියෝජිතයින්ටත් සති දෙකක නිරෝධායනය අනිවාර්ය කරයි

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයෙකුම දින 14 ක අනිවාර්යය නිරෝධායනයකට යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
විවිධ රැකියා අවස්ථාව සඳහා මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වූ කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයින් ද මෙලෙස දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මෙරටට පැමිණීමට පෙර සහ මෙරටට පැමිණීමට පසු අවස්ථා දෙකකදී පී සී ආර් පරීක්ෂණ සිදුකළ යුතු බවට ද විදේශිකයින්ට දැනුම් දී ඇති බවයි.
ලෝකය පුරා සීඝ්‍රයෙන් කොරෝනා පැතිරීම වේගවත් වී තිබෙන පසුබිමක එම වෛරසය මෙරට සමාජය තුළට ඇතුලුවීමේ අවස්ථා අවහිර කිරීම මෙම තීරණවලට අරමුණයි.
819 Views
Comments