අගමැති මහින්දගෙන් තවත් වාර්තාවක්

2021 වර්ෂයේ අයවැය අගමැති මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (17) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙවර අයවැය ඉදිරිපත් කිරීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා තවත් වාර්තාවක්ද සම කරනු ඇත. ඒ, මුදල් අමාත්‍යවරයකු වශයෙන් වැඩිම ගණනක් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට රොනීද මෙල් මහතා විසින් තබා තිබූ වාර්තාවය.
රොනීද මෙල් මහතා අයවැය වාර්තා 11ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අතර අද දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමත් සමග එම ගණන සම වනු ඇත.
ඒ අනුව අද දහවල් 1.40 සිට පැය 2ක කාලයක් පුරා අගමැතිවරයා අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
772 Views
Comments