මාරවිලදී දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙක්ට නීතීමය පියවර
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
16

මාරවිලදී දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙක්ට නීතීමය පියවර

මාරවිලදී දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙක්ට නීතීමය පියවර

මාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරේහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි .


 
අදාල දේව මෙහෙය අද  (16)  දින දහවල් පවත්වමින් තිබියදී මාරවිල පොලිසිය හා මහවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් වැටලිමට කටයුතු කර තිබුනී.


 
මාරවිල නගරයේ තුන් මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කුඩා දරුවන් සිව් දෙනෙකු සමග  තවත් 27 දෙනෙකු සහභාගිකරවා ගනිමින් අදාල දේව ගැතිවරයා දේව මෙහෙය පවත්වමින් සිටි බව කියයි.


 
මෙම දේව මෙහෙයට එක් වි සිටි පිරිස අතර කාන්තාවන් 18 දෙනෙකු පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සිටි බව කියයි.


 
මෙම දේව මෙහෙයට සහභාගිවු පිරිස අතරින් කිප දෙනෙකු මුඛ ආවරණ පවා නොමැතිව සිටි බව කියයි.


 
නිරෝධායන පනත අනුව මෙසේ පිරිස් රැස් කරමින් කිසිදු කටයුත්තක් පැවැත්විම තහනම් කර තිබුයදි මෙම දේව ගැතිවරයා අවස්ථා ගනනාවක මෙලෙස දේව මෙහෙයවල් පවත්වන බව ප්‍රදේශ වාසින් පොලිසියට පැමිනිලි කර තිබුනී.


 
එසේම දේව ගැතිවරයා මෙයට පෙර ශබ්ද වාහිනි යන්ත්‍ර යොදා ගනිමින් දේව මෙහෙයවල් පැවැත්විම සම්බන්ධව මාරවිල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලිසිය කියයි.


 
දේව මෙහෙය පැවැත්වු දේව ගැතිවරයාට විරුද්ධව නිරෝධායන පනත අනුව අදාල නීතියම කටයුතු සිදුකරන බව මහවැව මහජන සෞඛ්‍ය පරික්ෂක බි.එම් .වජීර නිලන්ත මහතා පවසයි.

views

833 Views

Comments

arrow-up