පුත්තලමේ අල්කාසිම් ආසාදිතයා ඇසුරු කර සැඟව සිටින 50ක් සොයා මෙහෙයුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
09

පුත්තලමේ අල්කාසිම් ආසාදිතයා ඇසුරු කර සැඟව සිටින 50ක් සොයා මෙහෙයුමක්

පුත්තලමේ අල්කාසිම් ආසාදිතයා ඇසුරු කර සැඟව සිටින 50ක් සොයා මෙහෙයුමක්

පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ කොරෝනා ආසාදිතයා සමග මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි සිටින 50 ‍දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ .



ඉන්දුනිදියාවේ ආගමික කටයුතු සදහා සහභාගි වි නැවත පසුගිය මාර්තු 16 දින ශ්‍රී ලංකාවට පැමින සිටි 61 හැවිරිදි තැනැත්තා තවත් පිරිසක් සමග මන්නාරම ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගිවු මෙම පිරිස මේ වන විටත් සැගවි සිටිමත් සමග මොවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි .



ඉන්දුනිසියා ආගමික කටයුතු වලට සහභාගි වු බව පවසන මෙම තැනැත්තා සෞඛ්‍ය අංශ සොයා ගැනිමේන් පසුව 21 දින ඔහුගේ නිවස තුල ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි කොරෝනා ආසාදිතයකු බවට සනාථ කර තිබිණි.



කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයා තොරතුරු වසන් කිරිම හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් දැඩි උත්සහයකින් පසුව මොහු ඇසුරු කළ හා මොහු සමග මන්නාරම අවමංගල්‍යයට සහභාගි පිරිස් ‍හදුනා ගෙන තිබුනද මොහු රැදි සිටි ස්ථාන වලින් පලා ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ පවසයි.



කෙසේ වෙතත් මෙම පිරිස සොයා ගැනිම අද (9) දවස තුළ සිදුකරන බව ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ පවසයි.
 

views

572 Views

Comments

arrow-up