අගමැති මහින්දගෙන් විමල්ට ටොක්කක්

අද සහ හෙට දිනවලදී පැවැත්වෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විස්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් විසින් සභාවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් ස්ථිර කරන ලදි.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ මරික්කාර් මන්ත්‍රීවරයා විවාදය පිළිබඳව යෝජනාව ඉදිරිපත් කළද, විස්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකළ බවයි.
එහෙයින් අදාළ විස්වාසභංග යෝජනාව සභාව වෙත ඉදිරිපත් කිරීමට මරික්කාර් මන්ත්‍රීවරයාට කතානායකවරයා විසින් අවස්ථාවක් ලබා දුන්නද විමල් වීරවංශ මහතා හා ප්‍රසන්න රණතුංග මහතා එයට විරුද්ධ අදහස් දක්වන ලදි.
මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා , මරික්කාර් මන්ත්‍රීවරයාට එම යෝජනාව ඉදිරිපත් කිරීමට ඉඩදෙන ලෙස පවසා ඇත.
1071 Views
Comments