හම්බන්තොට මුහුදේ තෙල් පැල්ලමක්!

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගමේ ප්‍රධාන විධායක රවී ජයවික්‍රම මහතා ප්‍රකාශ කළ ආකාරයට වාණිජ නෞකාවකට තෙල් සපයමින් සිටියදී ජාත්‍යන්තර වරායේ ඇති වූ තෙල් පැල්ලම කඩිනමින් ඉවත් කිරීමට සියලු පියවර ගෙන ඇත.
සමුද්‍ර දූෂණය අවම කිරීම හා තෙල් කාන්දුව වැළැක්වීම සදහා සම්මත මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, හදිසි ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාවට නැංවීමෙන් එය පැතිරීම වැළැක්වීමට පියවර ගෙන තිබුණි.
කෙසේවෙතත් එහි ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම මහතා පවසන ආකාරයට ඉදිරි දින කිහිපය තුල තෙල් පැල්ලම ඉවත් කිරීමේ මෙහෙයුම අවසන් කිරීමට හැකිවනු ඇත.
910 Views
Comments