උතුරු මුහුදේ ගංජා පාවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

උතුරු මුහුදේ ගංජා පාවේ

උතුරු මුහුදේ ගංජා පාවේ

ලක්ෂ දහසක් පමණ කේරළ ගංජා තොගයක් සමග උතුරු මුහුදේදී සැකකරුවන් තිදෙනෙකු  නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

අද(12) අලුයම යාපනය , අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදේ නාවික හමුදාව විසින් සිදු කළ වැටලීමකදී කිලෝ 344 යි ග්‍රෑම් 550ක් මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

 

කේරළ ගංජා සමග ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර අදාළ ගංජා තොගය පොලිතීන් මලු 11ක අසුරා තිබී ඇති බව ද නාවික හමුදාව පැවසී ය.

 

නාවික හමුදාව සැක පළ කරන්නේ, මෙම කේරළ ගංජා තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී  ජාවාරම්කරුවන් විසින් ඩිංගි යාත්‍රාවට ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කරන්නට ඇති බවටයි.

 

ඉදිරි විමර්ශන කටයුතු සදහා අදාල යාත්‍රාව,ගංජා තොගය සහ සැකකරුවන් කන්කසන්තුරය පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත.

views

812 Views

Comments

arrow-up