ඩෙල්ටා මඩින්න කොවිඩ් එන්නත් මිශ්‍ර කරයි

කොරෝනා වෛරසයේ නව විකෘති ප්‍රභේදයක් වන සීඝ්‍ර ව්‍යාපතිය සහිත ඩෙල්ටා ප්‍රභේදය විනාශ කිරීම සඳහා කොරෝනා එන්නත් දෙකක් මිශ්‍ර කිරීමට තායිලන්තය කටයුතු කරමින් සිටී.
මෙහිදී චීනයේ නිෂ්පාදිත "සිනොවැක්ස්" පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අය සඳහා දෙවන මාත්‍රාව ලෙස "ඇස්ට්‍රොසෙනිකා"එන්නත ලබාදීමට කටයුතු කරන බව තායිලන්ත සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චාන්වීර්කුල් මහතා ප්‍රකාශ කලා.
මෙම එන්නත් මිශ්‍ර කිරීම ක්‍රියාවට නැංවූ වුවහොත් චීන කොරෝනා එන්නතක් බටහිර නිෂ්පාදිත කොරෝනා එන්නතක් සමග මිශ්‍ර කරන ප්‍රථම අවස්ථාව වනු ඇත.
721 Views
Comments