එංගලන්තයේ අතරමං වී සිට රැගෙන ආ පිරිස් කටුනායකදී කළහකාරී ලෙස හැසිරෙයි

නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් එංගලන්තයේ අතරමං වී සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් මව්බිමට අද (04) රැගෙන ආ කණ්ඩායමේ ඇතැම් අය ගුවන් තොටුපලේදී කළහකාරී ලෙස හැසිරී තිබෙනවා. තමන් වෙනුවෙන් සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් හා ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසමිනුයි ඔවුන් කළහකාරීව හැසීරී තිබෙන්නේ.
ශ‍්‍රී ලාංකික සිසුන් ඇතුළු 208 දෙනෙකු එංගලන්තයේ සිට අද අළුයම මෙලෙස මව්බිමට පැමිණියා. පළමුව ඔවුන් සියලූ දෙනා සහ ඔවුන්ගේ ගමන් මලූ ද ගුවන් තොටුපොළේදීම විෂබීජහරණය කරනු ලැබුවා. අනතුරුව ඔවුන් බස් රථ මගින් නිරෝධායනය සඳහා රැගෙන යාමට කටයුතු කෙරුණා.
මෙම කණ්ඩායමේ වැඩි දෙනෙකු නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ මීගමුව ජෙට්වින්, ඩොල්ෆින් සහ වස්කඩුව සිට‍්‍රස් යන හෝටල්වලටයි. දිනකට රුපියල් 7,500ක් බැගින් වන පරිදි මුදල් පෞද්ගලිකව ගෙවා නිිරෝධායනය වීමට පහසුකම් සපයා දී තිබෙනවා.
මීගමුව ජෙට්වින් හෝටලයට පිරිම් පුද්ගලයින් 44 දෙනෙකු, කාන්තාවන් 47 දෙනෙකු සහ ළමයින් 03 දෙනෙක් රැගෙන ගොස් ඇති බවයි වර්තා වුණේ. තවත් කිහිපදෙනෙකු මීගමුව ඩොල්ෆින් හෝටලයට රැගෙන විත් තිබෙනවා.
නිරෝධායනය සඳහා වස්කඩුව සිට‍්‍රස් හෝටලයට රැගෙන ගිය පිරිස 62ක්. පිරිමි පුද්ගලයින් 33ක් සහ කාන්තාවන් 29 ක් ඒ අතර වනවා.
සෙසු පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ දියගම තාක්ෂණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයටයි. පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකු සහ ළමයින් 04 දෙනෙකු ඒ අතර වනවා.
මේ අතර නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් මව්බිමට පැමිණීමට නොහැකිව එංගලන්තයේ අතරමං වී සිටින ශ‍්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ තවත් විශේෂ යානයක් අද අළුයම පිටත්ව ගියා. හෙට දිනයේද එවැනි තවත් විශේෂ යානයක් එංගලන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.
707 Views
Comments