තවමත් අවදානම්, පාසල් විවෘත කිරීම සුදුසු නෑ - අනිල් ජාසිංහ

කොවිඩ් වෛරසයේ බලපෑම තවමත් පවතින බැවින් හදිසියේ පාසල් විවෘත කිරීම කිසිසේත්ම සුදුසු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ නිසා පාසල් විවෘත කිරීමට පෙර එම අවදානම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
පසුගිය මාසයේදී රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මැයි 11 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ පාසල් නැවත විවෘත කරන බවයි.
ඒ අනුව පාසල් ඇතුළු අධ්‍යාපන මධ්‍යස්ථානවල සනීපාරක්ෂක කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇති අතර ඊට අදාලව මාර්ගෝපදේෂයක්ද අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
ඊට අදාලව පළාත් මට්ටමින් කමිටුවක්ද ස්ථාපිත කර ඇති අතර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිර්දේශිත නිලධාරීන්ගෙන් අදාළ පළාත් කමිටුව සමන්විතයි. ඒ ඒ පළාත්වල පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම මෙම කමිටුවට පැවරෙනු ඇත.
653 Views
Comments