රු700ක් වටිනා එළවළු මල්ලක් රු350ක සහන මිලකට ගන්න පුළුවන් තැන් මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

රු700ක් වටිනා එළවළු මල්ලක් රු350ක සහන මිලකට ගන්න පුළුවන් තැන් මෙන්න

රු700ක් වටිනා එළවළු මල්ලක් රු350ක සහන මිලකට ගන්න පුළුවන් තැන් මෙන්න

වෙළඳපොල වටිනාකම රුපියල් 700ක් වන කැරට්, අර්තාපල්, බීට්, තක්කාලි, ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග හයකින් සමන්විත එළවළු මල්ලක් රුපියල් 350 ක සහන මිලකට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සෞභාග්‍යයේ දැක්ම, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගොවි ජනතාවට සහ පාරිභෝගිකයින්ට සහන සැළසීමේ වැඩපිළිවෙල යටතේ අතරමැදියන්ගෙන් තොරව ඍජුවම අස්වැන්න මිලදී ගැනීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම මෙහි අරමුණ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථානවලදී මෙම සහනදායී එළවළු මල්ල මිලදී ගත හැක.

මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකද වැඩසටහන ක්‍රියාත්මකයි.

 

views

763 Views

Comments

arrow-up