ගැටලු නොමැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

ගැටලු නොමැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ගැටලු නොමැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටලු නොමැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

ඉඩම් ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

 

පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද,වගා කටයුතු කළ ද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

ප්‍රශ්නය විසඳීමට රටට සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැළපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 

 

අද(02)දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කර තිබේ.

 

ඉඩම් ඔප්පු නොතිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවටත්, සංවර්ධනය දැවැන්ත පසුබෑමකටත් ලක්ව ඇති බවත්, කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේ දී ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

 

සරල කොන්දේසිවලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය දීමට පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

 

අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් විය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

 

 

views

1203 Views

Comments

arrow-up