ඩිසල් වලට භුමිතෙල් මිශ්‍ර කර බස් ලොරි ධාවනයේ.. අල්ලන්න පොලිස් මෙහෙයුම්..
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
04

ඩිසල් වලට භුමිතෙල් මිශ්‍ර කර බස් ලොරි ධාවනයේ.. අල්ලන්න පොලිස් මෙහෙයුම්..

ඩිසල් වලට භුමිතෙල් මිශ්‍ර කර බස් ලොරි ධාවනයේ.. අල්ලන්න පොලිස් මෙහෙයුම්..

ඩිසල් ඉන්ධන වලට භුමිතෙල් මිශ්‍ර කර ධාවනය කරන බස් රථ සහ ලොරි රථ අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

 

හැටන් සිට මහනුවර , කොළඹ සහ හැටන් අවට ධාවනය කරවන පෞද්ගලික බස් රථ සහ ලොරි රථ මෙසේ පරික්ෂාවට ලක් කෙරිණ.

 

හැටන් සිට ධාවනය කරවන පෞද්ගලික බස් රථ සහ ලොරි රථ කිහිපයකට ඩිසල් ඉන්ධන ලබා ගැනිමේදි ඉන්ධන ටැංකියට භුමිතෙල් මිශ්‍ර කරන බවට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ නිලධාරින්ගේද උපදෙස් ලබා ගනිමින් මෙම මෙහෙයුම දියත් කරනු ලැබිණ.

 

1979 අංක 60 දරණ මොටර් වාහන විශේෂ විධිවිදාන පනතේ තුන්වන වගන්තිය උල්ලංඝනය කරමින් එම බස් රථ සහ ලොරි රථවලට භුමිතෙල් මිශ්‍ර කර ධාවනය කරන බවත්, එවැනි බස් රථ සහ ලොරි රථ ධාවනය කර රියදුරන් අත්අඩංගුවට ගැනිමට මෙම මෙහෙයුම දියත් කෙරිණ.

 

ඩිසල් ඉන්ධන වලට භුමිතෙල් මිශ්‍ර කර ධාවනය කිරිම , කාර්මික වශයෙන් දෝෂ සහ ආරක්ෂාවේ ප්‍රමිතිවලට අනුකුල නොවන පරිදි දැන දැනම පාවිච්චි කිරිම, ආදායම් බලපත්‍රයේ සදහන් කොන්දේසි කඩකිරිම යන චෝදනා යටතේ එවැනි අකාරයට ඉන්ධන සමග භුමිතෙල් මිශ්‍ර කර ධාවනය කරන රියදුරන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි මෙහෙයුම දියත් කල හැටන් රථ වාහන පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

 

 

 

 

views

688 Views

Comments

arrow-up