මැතිවරණ කොමිසමේ සභාපති ඡන්දය භාවිත කරයි

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ඡන්දය භාවිත කර තිබෙනවා.
බම්බලපිටිය ලින්සේ බාලිකා විද්‍යාලයේදී මහින්ද දේශප්‍රිය මහතා සිය ඡන්දය භාවිත කරමින් ඔහු පැවසුවේ ඡන්දදායකයින්ට ආදර්ශයක් ලබාදීම සදහා ඡන්දය ලබා දුන් බවයි.
ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්‍ෂිත බව තහවුරු බව ඔප්පු කිරීම සදහා තමන් මෙලෙස උදෑසනම ඡන්දපොළ වෙත ගිය බවයි මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ.
පවතින කොරෝනා තත්වය හමුවේ තමන් වැනි වැඩිහිටි පුද්ගලයෙකුට වුවද බියකින් සැකයකින් තොරව ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය භාවිත කළ හැකි බවයි ඔහු අවධාරණය කළේ.
2011 වසරේ දී මැතිවරණ කොමසාරිස් ලෙස පත්වීමෙන් අනතුරුව තමන් ඡන්දය භාවිත කළ පළමු අවස්ථාව මෙය බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ.
753 Views
Comments