රාජාංගනය තැපැල් ඡන්දය අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

රාජාංගනය තැපැල් ඡන්දය අද

රාජාංගනය තැපැල් ඡන්දය අද

තාවකාලිකව නවත්වා තිබූ අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය ජූලි 29 වැනි බදාදා ( අද) පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්. සුෆ්යාන් මහතා සඳහන් කරයි.

 

ඒ අනුව 29 වනදා උදෑසන 09.00 සිට මධ්‍යස්ථාන 5 ක දී තැපැල් ඡන්දය පැවැත්වේ. ඒ රාජංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , මහසෙන් මහා විද්‍යාලය , යාය 11 ප්‍රාදේශිය රෝහල , රාජාංගනය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය යන ස්ථන වලදී යි. එහිදී භාවිත කිරීමට ඇති තැපැල් ඡන්ද ගණන 411 කි.

 

මේ අතර රාජංගනයේ පදිංචි එහෙත් වෙනත් ප්‍රදේශයන් හි සේවය කරන තැපැල් ඡන්ද දායකයින් අතරින් මීට පෙර තැපැල් ඡන්දය පැවැති දිනයන් හි දී ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකියින් සඳහා ද සිය ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව හිමිවේ.

 

ඒ සඳහා රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වෙනම ශාලාවක් සූදානම් කර ඇතැයි ද අනුරාධපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කර සිටී.

 

එලෙස රාජාංගනයේ පදිංචි එහෙත් වෙනත් කාර්යාලයන් හි සේවය කරන අයගෙන් 100 දෙනෙකු තැපැල් ඡන්ද භාවිත කර නොමැති නිසා ඔවුන්ට එම අවස්ථාව හිමි වෙයි.

 

views

675 Views

Comments

arrow-up