විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම අනිද්දා සිට යළිත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම අනිද්දා සිට යළිත්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම අනිද්දා සිට යළිත්

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විදෙස් රටවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම යළිත් ලබන සිකුරාදා (31) සිට ආරම්භ කරන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

 

ඒ අනුව ලබන සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිට ගුවන් යානා දෙකක් පැමිණීමට නියමිත බවයි අතිරේක ලේකම්වරයා පවසන්නේ.

 

කොවිඩ් 19 වෛරසය ආසාදිත වූ පුද්ගලයන් හමුවීම ඉහළ යාමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කිරීමට රජය පසුගියදා පියවර ගත්තේය. මේ නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදෙස් රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ලියාපදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් රැසක් බලවත් අපහසුතාවලට ලක්විය.

 

විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ රටවල ලක්ෂ ගණනක් ශ්‍රී ලාංකිකයන් නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් පසු වේ. ඔවුන් බොහෝදෙනා සිය කොන්ත්‍රාත් කාලය අවසන් කර නැවත පැමිණීමට නොහැකි වී සිටී. තවත් සැලකිය යුතු පිරිසක් වසංගත තත්වය හමුවේ සිය රැකියා අහිමිව සිටී.

 

ඇතැම් රටවල් සිටින ශ්‍රී ලාංකිකයන් බලවත් අපහසුතාවයට පත්ව සිටින අතර ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වන ආකාරයද පසුගිය දිනවලදී මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

 

views

692 Views

Comments

arrow-up