එතනෝල් ප්‍රවාහනය කළ සුරාබදු නිලධාරියා අත්අඩංගුවට

පමුණුගම ප්‍රදේශයේදී එතනෝල් සහ මත්පැන් තොගයක් සමග සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය පදනම් කරගනිමින් අදාල සැකකාර නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමටත් එම සුරාබදු මණ්ඩලය භාර අධිකාරී වරයා සහ දිස්ත්‍රික්කය භාර සහකාර සුරාබදු කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමටත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිඛෙනවා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් පැවැත්වීම සඳහා පරික්ෂණ කමිටුවක් පත්කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවුස් රේඩියෝවට පවසා තිබෙනවා.
නීති විරෝධී ආකාරයෙන් එතනෝල් සහ මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නියාමකවරයෙකු පමුණුගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද අලුයමයි.
මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ පමුණුගම සුරාබදු කාර්යාලයට අනුයුක්ත නියාමකවරයෙක්.
සැකකරු මත්පැන් නිෂ්පාදනාගාරයකින් නීති විරෝධී ආකාරයෙන් මෙම එතනොල් සහ මත්පැන් මිලදී ගෙන ප්‍රවාහනය කරමින් සිටි බවයි විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.
මොහු අද අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පමුණුගම පොලිසිය පවසනවා.
614 Views
Comments