නාමල්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
27

නාමල්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට

නාමල්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පණවා තිබූ විදේශ ගමන් තහනම ලබන ජුලි මස 23 වනදා දක්වා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙනවා.

 

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් ගොනුකර තිබූ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය සිදුකෙරුණා.

views

970 Views

Comments

arrow-up