‘‘ජනතාව ඉල්ලන දේ බැහැ කියන්න රජයට බෑ…'' – කල්මුණේ නඟරාධිපති අබුබකර්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

‘‘ජනතාව ඉල්ලන දේ බැහැ කියන්න රජයට බෑ…'' – කල්මුණේ නඟරාධිපති අබුබකර්

‘‘ජනතාව ඉල්ලන දේ බැහැ කියන්න රජයට බෑ…'' – කල්මුණේ නඟරාධිපති අබුබකර්

සයින්දමරුදු නගර සභාවක් බවට පත්කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව කල්මුණේ නගරාධිපති රකීබ් අබුබකර් පවසයි. හෙතෙම මේ බව  පවසා ඇත්තේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය ගනු ලැබූ තීරණය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

සයින්දුමරුදු ප්‍රදේශය වර්තමානයේ කල්මුණේ නගර සභාවට අයත්ව පවතියි.

 

‘ඒ ගම් ප්‍රදේශයේ මිනිසුන්ට තමන්ගේම සභාපති කෙනෙක් ඉන්න එක හොඳයි. එතකොට එයාලට පුළුවන් තමන්ගේ ප්‍රශ්න පහසුවෙන් විසඳගන්න දැනට මට කිසි ගැටලුවක් නැහැ. සයින්දමරුදු ප්‍රදේශයේ කටයුතු පවත්වාගෙන යන්න. ඒත් ජනතාව ඉල්ලන දේ බැහැ කියන්න රජයට බැහැ.’

 

මුස්ලිම් සංස්කෘතිය ඔප්නැංවෙන ආකාරයට සයින්දුමරුදු ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ විමසීමේදී නගරාධිපතිවරයා පවසා ඇත්තේ ‘‘ජංගම මුස්ලිම් සංස්කෘතියට අයත් ඉදිකිරීම් කිසිවක් මේ ප්‍රදේශයේ සිදුවෙලා නැහැ. එහෙම වෙලා තියෙනවා නම් ඒ අපේ මුස්ලිම් පල්ලිය විතරයි. ඒක සාමාන්‍ය දෙයක්. පන්සල් හදන විශේෂ ක්‍රමයක් තියෙනවා නම් කෝවිල් හදන්න විශේෂ ක්‍රමයක් තියෙනවා නම් අපේ පල්ලි හදන්නත් විශේෂ ආකෘති තිබෙන බව හැමෝම පිළිගන්න ඕන. අපි ඉතාම ලස්සන ප්ලෑන්ස් හදලා ඉදිකරන ගොඩනැගිලි මේ නගරය ගොඩක් ලස්සන කරනවා. එහෙම නැතුව මුස්ලිම් සංස්කෘතියක් රටේ හදන අදහසක් අපේ නැහැ.''

 

 

views

729 Views

Comments

arrow-up