මෛත්‍රීපාල පොහොට්ටුවට ගත්තාට මං විරුද්ධයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
20

මෛත්‍රීපාල පොහොට්ටුවට ගත්තාට මං විරුද්ධයි

මෛත්‍රීපාල පොහොට්ටුවට ගත්තාට මං විරුද්ධයි

සිය පෞද්ගලික ස්ථාවරය එලෙසම බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව එම සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම පිළිබද ව එකග විය නොහැකි බව ද රණතුංග මහතා පෙන්වා දෙයි.

 

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ සභාපතිධූරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු රණතුංග මහතා මෙසේ ද කීවේය.

 

‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධානයක් බිහිවීම පිළිබද ව මම මුල ඉදලම කියපු දේ තමයි මොන සන්ධානය හැදුවත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් බව. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ සන්ධානයේ සම නායකයා බවට පත් කිරීමට මම විරුද්ධ බව කිව්වා. මම තවමත් කියන්නේ අපිට ශ්‍රිලනිපය සමග සන්ධාන අවශ්‍ය නෑ. අපිට තනිවම පොහොට්ටුවෙන් දිනන්න පුළුවන් කියලයි. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා එකතු කර ගන්නවාට මම ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් කැමති නැති බවත් මම කිව්වා. මම දරපු ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මම තවමත් කියන්නේ අපට තනිව ඉල්ලලා දිනන්න තිබුණා. ඒ වගේ ම මෛත්‍රී සම්බන්ධ කර නොගත යුතු ව තිබුණා.

views

761 Views

Comments

arrow-up