කොරෝනා වෛරසය ශරීරගත වූ කිසිදු රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වර්තා වී නෑ

කොරෝනා වෛරසය ශරීරගත වූ කිසිදු රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වර්තා වී නොමැති බවත් මෙරටට පැමිණෙන ගුවන් මඟීන් විශේෂ පරික්ෂාවකට ලක් කරන බවත් රජයක් හැටියට ගත හැකි සෑම පියවරක් ම ගන්නා බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ දිනවල වාර්තාවන කොරෝනා වෛරසය සම්බන්ධයේ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමාගෙන් විමසූ බවත් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරිය පැවසුවාය. ගුවන් තොටුපලේ ස්ථාපිත් කර තිබෙන හෙල්ත් ඩෙස්ක් එකට වාර්තා කර තොරතුරු දැන්විය හැකි බවත් එහි වෛද්‍යවරු රඳවා තිබෙන බවද අමාත්‍යවරිය පැහැදිළි කළේ ය. උණ රෝගී තත්ත්වයක් තිබේ නම් එම ස්ථානයට පැමිණ වාර්තා කළ හැකිය.
රජයක් හැටියට සියලු පියවර ගෙන තිබෙන බව ද මේ වනවිට කිසිදු රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වර්තා වී නැති බව ද කීය.
විශේෂයෙන් ගුවන් මඟීන් විශේෂ පරික්ෂාවකට ලක් කරනවා.
රජයක් හැටියට ගත හැකි සෑම පියවරක් ම ගන්නවා. මේ වන්විටත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක සෞඛ්‍ය සංවිධානය හා අදාළ අංශ සමඟ සම්බන්ධීකරණය සිටින බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
660 Views
Comments