පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් ?

පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම සඳහා වන ගැසට් නිවේදනයට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා ඇති බව වාර්තා වනවා. ඒ අනුව සතියක කාලයකින් පසුව පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ සියලු කමිටු අවසන් වන අතර, නැවත පාර්ලිමේන්තුව ආරම්භයේදී ඒ සඳහා අලුතින් සමාජිකයන් පත් කිරීමටද නියමිතයි.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ලැබී ඇති අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හෙට (03දා) පෙ.ව. 10.30ට කෝප් කමිටු සාමාජිකයන් කැඳවා තිබෙනවා.
එසේ වුවද පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කළහොත් ඒ සියල්ල අවසන් බවද සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ මහබැංකුවේ වෝහාරික වාර්තාව කෝප් කමිටු සමාජිකයන්ට ඉදිරිපත් කිරීමට හෙට උදේ 10.30ට කෝප් කමිටුව කැඳවන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කළොත් කමිටුව විසිරෙනවා. කැඳවන්න බැරි වෙනවා. කෝප් කමිටුව සිදුකරගෙන ආපු පරීක්ෂණ සියල්ල අවසන් වෙනවා" යැයි පැවසුවා.
අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසි වාරය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, යළි එය ආරම්භ වන්නේ සිවුවැනි සැසිවාරය ලෙසිනි.
661 Views
Comments