නොර්වුඩ් නගරයේ වෙළඳසැල් තුනක් ගින්නකින් විනාශයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

නොර්වුඩ් නගරයේ වෙළඳසැල් තුනක් ගින්නකින් විනාශයි

නොර්වුඩ් නගරයේ වෙළඳසැල් තුනක් ගින්නකින් විනාශයි

හැටන්, නොර්වුඩ් නගරයේ ප්‍රධාන වීදියේ වෙළඳසැල් පේලියක අද (25) අලුයම හටගත් ගින්නකින් වෙළඳසැල් තුනක් විනාශ වී ඇතැයි නෝර්වුඩ් පොලිසිය පවසයි. ගෑස් අලෙවි කරන වෙළඳසැලකින් ගින්න හටගෙන ඇති අතර, සිල්ලර වෙළඳසැලක් පූර්ණ වශයෙන්ද, තවත් වෙළඳසැලක් අර්ධ වශයෙන්ද විනාශ වී තිබෙනවා.


 
ගින්නෙන් කිසිවෙකුටත් හානි වී නොමැති බවද ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය කියයි. පැතිර යමින් තිබු ගින්න නොර්වුඩ් පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව පාලනය කළා.
 
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර නොර්වුඩ් පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

views

649 Views

Comments

arrow-up