සිර වී සිටි‍ කැස්බෑවන් 32 දෙනෙකුට නාවික විරුවන් අභය දානය දුන් හැටි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

සිර වී සිටි‍ කැස්බෑවන් 32 දෙනෙකුට නාවික විරුවන් අභය දානය දුන් හැටි (PHOTOS)

සිර වී සිටි‍ කැස්බෑවන් 32 දෙනෙකුට නාවික විරුවන් අභය දානය දුන් හැටි  (PHOTOS)

නාවික හමුදාව විසින් ඊයේ (24) මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙයෙහුමකදී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු මුදාගැනීමට කටයුතු කෙරුණා.



ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධීවරයින් විසින් අටවන ලද ජාකොටු කිහිපයක් තුල සිරවී සිටි කැස්බෑවන් කිහිපදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. කැස්බෑවන් 32 දෙනෙකු ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කළා.

 

තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකියි. මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහාද නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

 

 

 

 

 

 

views

719 Views

Comments

arrow-up