ජනාධිපති අපේක්ෂකයන්ගේ පොරොන්දුවට ජනපතිගේ ප්‍රතිචාරය

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළු ගඟ ජලාශයේ සංචිත දිය දහර මුදා හැරීමෙන් පසු අදහස් දැක්වු ජනාධිපතිවරයා පවසා සිටියේ, මේ දිනවල රටේ මැතිවරණයක් පවතින වේලාවක් බවයි.
රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවට ජනාධිපතිධුර අපේකෂකයින් පොරොන්දු ලබාදුන්නද රටේ ප්‍රතිපත්තිය වියයුත්තේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මැතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයින් ජනතාවට රසායානික පොහොර නොමිලේ දෙන බවට පොරොන්දු ලබා දෙන බව තමාට ඇසුන බවද මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.
රසායනික පොහොරවලින් බැහැර වී කාබනික පොහොර කෘෂිකර්මාන්තයට පාවිච්චි කිරීමේ ප්‍රතිපත්තියකට යා යුතු බව තමාගේ දර්ශනය වන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
රසායනික පොහොර භාවිතා කරන ලෝකයේ රටවල් මොනවාදැයි ප්‍රශ්න කර සිටි ජනාධිපතිවරයා, ගොවීන්ට නොමිලේ ලබා දීමට රසායානික පොහොර පිටරටින් ගෙන්වන්නේ නම් ඒ එක්කම වකුගඩු නැව්වලින් ගෙන්විය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය, විශ්වවිද්‍යාල හා පර්යේෂණ අංශ සිදුකල පර්යේෂණවල අවසන් ප්‍රතිඵලය වන්නේ රසායනික ද්‍රව්‍ය වකුගඩු රෝගීන්ගේ ගැටළුවට බලපාන මුලික සාධකයක් බව සොයා ගෙන ඇතැයි ද පැවසු ජනපතිවරයා, ගොවියාට සහනාධාර නොමිලේ ලබා දිය යුතු වුවත් රසායානික පොහොර නොමිලේ ලබා දීමෙන් රටේ වකුගඩු රෝගීන් වැඩි වන බවත් පැවසීය.
එය කිසිසේත් සුදුසු නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
642 Views
Comments