තමන් අතින් වැරදි වී ඇති බව වැඩබලන පොලිස්පති පිළිගනී

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන තමාගෙන් පරිපාලනමය වැරදි සහ අතපසුවීම් සිදුවී ඇති බවට සී. ඩී. වික්‍රමරත්න දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (7 වැනිදා) පිළිගත්තා.
දැනට වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී එම වැරදි සිදුව ඇති බව පිළිගත් වැඩබලන පොලිස්පතිවරයා, ලලිත් ජයසිංහ නැවත සේවයේ පිහිටුවිය යුතු බව තමා පිළිගන්නා බව ද ප්‍රකාශ කර සිටියා.
පසුගිය පාලන සමයේදී දැඩි දේශපාලන බලපෑමක් මත තමාගේ වැඩ තහනම් කර ඇති බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ගොනුකර ඇති පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී වැඩ බලන පොලිස්පතිවරයා එලෙස පැවසුවා.
ලලිත් ජයසිංහට සිදු වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිල්ලේ නීතිඥවරයා සහ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න ඇතුළු විනිසුරුවරුන් වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් පැය 4 කට ආසන්න කාලයක් පුරා ඊයේ ප්‍රශ්න කළා.
නීතිපතිවරයා ද මීට පෙර වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ රාජකාරි විවේචනයට ලක් කර තිබුණා.
684 Views
Comments