පහර දීමක් හේතුවෙන් මහනුවර වෛද්‍යවරු සංකේත වර්ජනයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
21

පහර දීමක් හේතුවෙන් මහනුවර වෛද්‍යවරු සංකේත වර්ජනයක

පහර දීමක් හේතුවෙන් මහනුවර වෛද්‍යවරු සංකේත වර්ජනයක

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පසුගියදා සිදුකළ පහරදීමට විරෝධය පළ කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පර්යන්ත රෝහල්වල වෛද්‍යවරු පැය 04ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

 


රාජකාරි වේලාවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය තුළදී කිසියම් පුද්ගලයෙකු මෙම වෛද්‍යවරයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

 


පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් දිස්ත්‍රික්කයේ සියලුම පර්යන්ත රෝහල්වල වෛද්‍යවරු මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ උදෑසන 8ටයි.

 


අදාළ පුද්ගලයා පැය විසි හතරක් තුළ අත්අඩංගුවට නොගතහොත් මධ්‍යම පළාත තුළ  වර්ජනයක් සිදුකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ.

 

views

842 Views

Comments

arrow-up