දරුවන් තිදෙනාට ආහාර දෙන්න බැරි නිසා පාසල් එවන්න බැරි බව විදුහල්පතිට මවක් විසින් දන්වයි..
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

දරුවන් තිදෙනාට ආහාර දෙන්න බැරි නිසා පාසල් එවන්න බැරි බව විදුහල්පතිට මවක් විසින් දන්වයි..

දරුවන් තිදෙනාට ආහාර දෙන්න බැරි නිසා පාසල් එවන්න බැරි බව විදුහල්පතිට මවක් විසින් දන්වයි..

තම දරුවන් තිදෙනාට කුසට ආහාර වේලක් ලබාදිමට නොහැකි තත්ත්වයක් මත තම දරුවන් තිදෙනා පාසලට එවිමට නොහැකි බව දුෂ්‍යය අබාධිත මවක් තමන් වෙත ලිපියක් යොමු කර ඇති බව ගිනිගත්හේන මධ්‍යම මහා විදයාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය.

 

ගිනිගත්හේන බෝගල්කන්ද නිකතැන්නේ පදිංචි නිරෝෂා ප්‍රියංගනි නැමති 38 හැවිරිදි තිදරු මව උපතින්ම දුෂ්‍යය අබාධ රෝගයෙන් පෙලෙන අතර ඇගේ සැමියා මිට වසර දෙකකට පමණ ප්‍රථම හැටන්  ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක කම්කරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියදි ඔහුගේ හිස මතට ගලක් පෙරලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත.

 

සැමියා සේවය කල පෞද්ගලික ආයතන විසින් තමන් පදිංචි  නිවස ඉදි කර දුන් බවත් , අසල්වාසින්ගේත් නැ හිතවතුන්ගෙත් , රජය මගින් ලබාදෙන සමෘද්ධි සහනාධාර මතත් තම දියණියක් දෙදෙනා සහ පුතාව රැක බලාගෙන දැඩි ආර්ථික අපහසුතා මැද්දේ පාසල් යවන බවයි නිරෝෂා ප්‍රියංගනි මහත්මිය පවසන්නේ.

 

නිරෝෂා ප්‍රියංගනි මහත්මියගේ වැඩිමහල් දියණිය ගිනිගත්හේන මධ්‍යම විදයාලයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර , ඇයගේ තවත් දරුවන් දෙදෙනෙක් ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ 1 සහ 2 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබමින් සිටියි.

 

ගිනිගත්හේන මධ්‍යම මහ විද්‍යාලයේ සහ ප්‍රාථමික අංශයේ ගුරුවරුන් විසින් ලබාදෙන ආහාර පාන එම ළමුන්ට පාසල් කාලයේදි ලබාදෙන බවත් , එය තාවකාලික විසදුමක් නිසා එම ළමුන් තිදෙනාගේ පාසල් දිවිය රැක බලා ගැනිමට කිසියම් අයෙකු හෝ අයතනයක් ඉදිරිපත් වන ලෙසයි විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා ඉල්ලා සිටින්නේ.

 

වැඩිමහල් දියණිය නිවසේ වැඩ කටයුතු සිදු කර ගනිමින් තම මව සහ නැගණිය සහ සොහොයුරා රැක බලා ගනිමින් ගුරුවරුන් ලබාදෙන ආහාර පාන අනුභව කරමින් පාසල් යන බවත් , පාසල් නිවාඩු කාලයේදි තමන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටි බවයි නිරෝෂා  ප්‍රියංගනි මහත්මිය කියා සිටින්නේ.

 

තිදරු මවගේ ලිපි ලද විගස ගිනිගත්හේන මධ්‍යම මහ විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ උපදෙස් මත එම විදුහලේ නියෝජ්‍යය විදුහල්පතිනි ගයානි වික්‍රමසිංහ මහත්මිය (09) දින එම නිවසට ගොස් මේ පිලිබදව සොයා බැලිමක්ද සිදු කරනු ලැබුහ.

 

 

views

838 Views

Comments

arrow-up