ජනාධිපතිගේ පත්කිරීම් සියල්ල පිලිඅරගෙන කට වහගෙන ඉන්න අපි සූදානම් නෑ.. අද අපට බස්එකේ, කෝච්චියේ යන්න, මල ගෙදරක යන්න විදිහක් නෑ මිනිස්සු බනිනවා..
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

ජනාධිපතිගේ පත්කිරීම් සියල්ල පිලිඅරගෙන කට වහගෙන ඉන්න අපි සූදානම් නෑ.. අද අපට බස්එකේ, කෝච්චියේ යන්න, මල ගෙදරක යන්න විදිහක් නෑ මිනිස්සු බනිනවා..

ජනාධිපතිගේ පත්කිරීම් සියල්ල පිලිඅරගෙන කට වහගෙන ඉන්න අපි සූදානම් නෑ.. අද අපට බස්එකේ, කෝච්චියේ යන්න, මල ගෙදරක යන්න විදිහක් නෑ මිනිස්සු බනිනවා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද පත්වීම් සම්බන්ධයෙන් බලපෑම නොකරන්නැයි කරන ලද ඉල්ලීමට එකඟ නොවන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

 

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ අද වන විට ජනාධිපතිතුමන්ගේ ඇතැම් පත්කිරීම් සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් ඇති වී තිබෙන බවයි.

 

ජනාධිපතිවරයාගේ ජනවරම නිර්මාණය කිරීමට තම සංවිධානය විශාල වශයෙන් මහන්සි වූ බවත් ඒ නිසා අද ඒ ජනතාවගෙන් බැනුම් අහන්නට වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

 

අද තමන් ඇතුළු සංවිධාන සාමජිකයන්ට බස් එකේ කෝච්චියේ යන්න බැරි තත්ත්වයක් උදා වී ඇති බවක් මල ගෙදර යන්න බැරි බැරි බැරි තත්ත්වයක් උදා වී තිබෙන බවත් ජාතික බලවේග නියෝජනය කරන ජනතාව මෙම පත්කිරීම් ගැන ප්‍රශ්න කරන බවද ඔහු කියා සිටියේය.

 

එනිසා ජනාධිපතිතුමන් සිදුකරන සියලුම පත්කිරීම් හරි යයි කියමින් කට වසාගෙන ඉන්න පුළුවන් කමක් නැතැයි ද ඔහු පැවසීය.

 

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වසන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.

 

ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ඔහු එහිදී දැඩි ලෙස විරෝධය එල්ල කළේය.

 

https://www.youtube.com/watch?time_continue=277&v=l8v-NtG3nls&feature=emb_logo

views

1048 Views

Comments

arrow-up