ගවයින් 5,800 සමග නෞකාවක් අතුරුදහන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

ගවයින් 5,800 සමග නෞකාවක් අතුරුදහන්

ගවයින් 5,800 සමග නෞකාවක් අතුරුදහන්

ගවයින් 5,800 ක් සහ නාවිකයින් 43 දෙනෙකු සමග අතුරුදහන්වූ නෞකාවක් සොයා බලධාරීන් විමර්ශන ආරම්භ කොට තිබෙනවා. ඒ මෙම නෞකාව ඉකුත් අගෝස්තු මස 17 වෙනිදා නවසිලන්තයේ නේපීයර් වරායේ සිට චීනයේ ටැන්ගාෂන් වරාය බලා යාත්‍රා කරමින් තිබියදීය.

 

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් නාවිකයෙකු පැසිෆික් මුහුදේ පාවෙමින් සිටියදී ජපාන වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් මගින් ඊයේ දිනයේදී බේරා ගෙන තිබෙනවා.

 

පසුගිය දිනවල චීනයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ ඇතිවූ “Maysak සුළි කුණාටුවට” මෙම නෞකාව හසුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ඊයේ දිනයේදී එම නෞකාවෙන් උපකාර ඉල්ලා සංඥා ලැබුණු බවට බලධාරීන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

 

Gulf Livestock 1 නම් මෙම නෞකාව අඩි 438ක් දිගින් යුක්ත වන අතර එහි පිලිපීන ජාතිකයින් 39ක්, නවසීලන්ත ජාතිකයින් දෙදෙනෙක් සහ ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු සේවයේ නියුතුව සිට තිබෙනවා.

 

මේ අතර නවසීලන්තයේ අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන සංවිධාන මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.

 

“මේ සතුන් කිසිදාක මුහුදේ යාත්‍රා කරලා පුරුද්දක් නැහැ. අනිත් අතින් බොහෝ එළ දෙනුන් ගැබ්බරවී සිටින්නට ඇතැයි කියා අප විශ්වාස කරනවා. අතුරුදහන් වූ නෞකා කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අපේ බලවත් ශෝකය පළකර සිටිනවා. මේ අයුරින් සතුන් ප්‍රවාහනය නතර කිරිමට පියවර ගන්න අවශ්‍යයි”.

 

අතුරුදහන් වූ මෙම නෞකාව සහ එහි සේවකයින් සොයා මේ වන විට අදාළ මුහුදු කළාපය තුල බලධාරීන් සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙන අතර එම මුහුදු කලාපයේ ඇතිවෙමින් පවතින තවත් සුළි කුණාටුවක් හේතුවෙන් මෙහෙයුම් වලට බාධා එල්ල වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා පළකර සිටිනවා.

 

 

views

901 Views

Comments

arrow-up