බන්ධනාගාර ගත ප්‍රබල අපරාධකරුවන් 130ක් ගැන විශේෂ අවධානය

වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා සිටින ප‍්‍රබල ඝණයේ අපරාධකරුවන් 130 දෙනෙකු කොළඹින් පිටත රැඳවීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
බූස්ස බන්ධනාගාරයේ එම ප‍්‍රබල ඝණයේ අපරාධකරුවන් 130 දෙනා රඳවා තබන්න තීරණය කර තිබෙනවා දැනට එම බන්ධනාගාරයේ ප‍්‍රබල ඝණයේ අපරාධකරුවන් 22 දෙදෙනකු රඳවා සිටිනවා.
ඒ අතර වෙලේසුදා, කංජිපානි ඉම්රාන් සහ පොට්ට නවුෆර් රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. කොළඹ රඳවා සිටින ප‍්‍රබල ඝණයේ අපරාධකරුවන් රඳවා තැබීමට යෝග්‍ය සිරමැදිරි 150 ක් බූස්ස බන්ධනාගාරයේ පවතින බව මෙහිදී අනාවරණ වී තිබෙනවා.
එහි අලූත්වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව කඩිනමින් කොළඹ රඳවා සිටින අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත යැවීමටයි තීරණය වී ඇත්තේ.
ඊට පෙර බුස්ස බන්ධනාගාරයට අවශ්‍ය ස්කෑනර් යන්ත‍්‍රද ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය එකඟතාව පළ කර තිබෙනවා.
මේ අතර බූස්ස බන්ධනාගාරයේ ආරක්‍ෂාවට කඩිනමින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමටද තීරණය කර තිබෙනවා. පැය 24 පුරා ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට නියමිතයි.
ඊට යොදවන විශේෂ කාර්ය බලකා නිලධාරීන් ගණන 150 ක්. ඔවුන්ට අවශ්‍ය ගොඩනැගිලිද ප‍්‍රතිසංස්කරණය කෙරෙන බවද බන්ධනාගාර ආරංචි පැවසුවා. විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් බන්ධනාගාරයට පැමිණෙන නිලධාරීන්, රැඳවියන් සහ රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් ඍජු පරීක්‍ෂාවකට ලක් කිරීමට නියමිතයි.
ඊට අමතරව මුර අට්ටාල අටෙහි පැය 24 පුරා ආරක්‍ෂක කටයුතු සිදුකරන්නේද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්.
ඉදිරියේදී බූස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුතු සඳහා රැගෙන යන රැඳවියන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ අධිකරණ වෙත රැගෙන යාමට නියමිත බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
644 Views
Comments