රිෂාඩ්ගෙන් විමල්ට කෝටි 100ක එන්තර වාසියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

රිෂාඩ්ගෙන් විමල්ට කෝටි 100ක එන්තර වාසියක්

රිෂාඩ්ගෙන්  විමල්ට  කෝටි 100ක එන්තර වාසියක්

මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ඇමති විමල් විරවංශ තමන්ට එරෙහිව සිදුකළ අපහාසයට විරුද්ධව රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලා සිය නීතිඥවරයා මාර්ගයෙන් එන්තර වාසියක් යැවු බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ප්‍රකාශ කර සිටිනවා.

 


අමෙරිකාවේ පිහිටි තමන්ගේ බැංකු ගිණුමක් සඳහා ඩොලර් ලක්ෂයක් යැවු බවත් එය පසුව FBI සංවිධානය විසින් නතර කළ බවට ඊයේ දිනයේදී මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් කියා සිටියා. ඒ වගේම මගේ යැයි කියන ඉඩම් ඔප්පු සිය ගණනක් අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන තිබෙනවා කියා චෝදනා කළා. නමුත් මම විමල් විරවංශ ඇමතිවරයාට අභියෝග කරන බවයි මෙහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ප්‍රකාශ කර සිටියේ.

 


" මට හෝ මගේ පවුලේ අයට කිසිම විදෙස් බැංකු ගිණුමක් නැහැ, ඒ වගේම මම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කමිටුවට සාක්ෂි දුන්නා ඔය කියන කිසිම ඉඩමක් මගේ නමට නැහැ කියලා. මම විමල් විරවංශ ඇමතිවරයාට දින 14ක් කාලය දෙනවා. මගෙන් සමාව ගන්න කියලා, එහෙම නැත්නම් මම ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා.

 


මැතිවරණයක් ලංවෙද්දි මට මඩ ගහනවා. ඒක තමයි දකුණේ දේශපාලකයින් සිදුකරන්නේ. සහරාන්ගේ බෝම්බ ගෙනාවේ සතොස වාහන වල කියලා චෝදනා කළා. නමුත් ඒ චෝදනා ඔප්පු වුනේ නැහැ. ඒ වගේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එහි පිටුපස සිටින්නේ කවුද කියලා සොයා බලන්න කියලා මම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යැව්වා. ඒ වගේම විල්පත්තු වන සංහාරය ගැන චෝදනා කළා. මම ඒ ගැනත් ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා" මෙහිදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා කියා සිටියා.

 


" සතොස ආයතනයට භාණ්ඩ මිලදී ගැනීමේදී එය ඇමතිවරයාට පමණක් සිමා වන දෙයක් නෙමෙයි. භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ සඳහා තාක්ෂණික කමිටුවක් වගේම ටෙන්ඩර් කමිටුවක් පත්කරලා තියෙනවා.

 

 

මම ඇමතිවරයා වශයෙන් සතොස ආයතනයට භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාදාමයට සම්බන්ධ වුනේ නැහැ. මම වසර 15ක් ඇමතිකම් දරලා තියෙනවා. ඒ වගේම පසුගිය රජය සමයේ මට ආයතන 42ක් තිබුණා" යැයි බදුර්දීන් මන්ත්‍රිවරයා කියා සිටිය.

 

views

691 Views

Comments

arrow-up