කොවිඩ් ණය සහනය අධිකරණයේ අභියෝගයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

කොවිඩ් ණය සහනය අධිකරණයේ අභියෝගයට

කොවිඩ් ණය සහනය අධිකරණයේ අභියෝගයට

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට ආර්ථිකයට එල්ල වූ බලපෑම අතිවිශාලය. මෙම තත්වය හමුවේ වාණිජ බැංකු මගින් ලබාගෙන තිබෙන ණය නැවත ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට රජය තීරණය කළේය.
කෙසේ නමුත් අදාල ණය සහනය නියමිත පරිදි නොලැබුණු බවට පසුගිය කාලයේදී ආණ්ඩුවට චෝදනා එල්ල විය.
ඒ බැව් සනාථ කරමින්, මහ බැංකුවේ සහන පැකේජය තමන්ට නොලැබුන බව පවසමින් පළමුවරට ගණුදෙනුකරුවෙකු විසින් කොළඹ වාණිජ අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා.
සීමාසහිත කොමර්ෂල් බැංකුව, ශ්‍රීලංකා මහ බැංකුව සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙසේ නඩු පවරනු ලැබුවේ වියට්නාමයේ වෘත්තීය වාණිජ ගුවන් නියමුවෙකු ලෙස සේවය කරන වේයන්ගොඩ මාරපොල පදිංචි නන්දන ප්‍රියංග දසනායක යන අයයි.
2020.03.20 කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ ජනාධිපතිවරයා‍ගේ නියෝගය මත, පාරිභෝගිකයන් සඳහා සහන පැකේජයක් ලබාදෙන ලෙස මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා චක්‍රලේඛනයක් මගින් දැනුම් දෙනු ලැබූ නමුත් ඒප්‍රකාරව තමන් වෙත අදාල සහනය නොලැබුන බවත්, සාමාන්‍ය ණය මුදලක් ගෙවීම් පැහැර හැරීමේදී අයකරන දඩ මුදලට වඩා ඉතා විශාල මුදලක් කොවිඩ් සහනය කාලයේ ණය මුදල නොගෙවීම නිසා දඩ වශයෙන් අයකර ගැනීමට තම බැංකුව ක්‍රියාකර ඇති බවත් පැමිණිලිකරු පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට ලබාදී ඇති උපදෙස් අනුව බැංකුවට අය කළ හැක්කේ අදාල සහනය ලබාදුන් කාලයට අයත් දඩ පොලිය පමණක් බවයි. නමුත් බොහෝ බැංකු සම්පූර්ණ ණය මුදලේ සමස්ත කාලයේ හිග මුදල සඳහාම පොලිය අයකර තිබෙනවා.
බොහෝ වාණිජ බැංකු සහ විශේෂයෙන් ලීසිං සමාගම්, මෙම ණය සහනයද දඩමීමා කර ගනිමින්, අදාල කාලසීමාව සඳහා අයකළ යුතු පොළිය වෙනුවට සමස්ත ණය මුදල සඳහාම පොළිය එකතු කරමින් අසාධාරණ ලෙස කටයුතු කරන බවට පසුගිය කාලයේදී විවිධ චෝදනා එල්ල විය.

 

 

views

809 Views

Comments

arrow-up