එතනෝල් ආනයනය තහනම් - හොර පාරෙන් ‘ලීටර් ලක්ෂ 20 ක් ලංකාවට ගෙනත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

එතනෝල් ආනයනය තහනම් - හොර පාරෙන් ‘ලීටර් ලක්ෂ 20 ක් ලංකාවට ගෙනත්

එතනෝල් ආනයනය තහනම් -  හොර පාරෙන්  ‘ලීටර් ලක්ෂ 20   ක්  ලංකාවට ගෙනත්

මෙරටට එතනෝල් ගෙන්වීම 2020 ජනවාරි 01 සිට තහනම් කළ බව කියමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කර ඇතත් 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා වත්මන් ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් මෙරටට ගෙන්වා ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න අවධාරණය කර සිටිනවා.

 

මන්ත්‍රීවරිය ඒ බව පැවසුයේ, රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමිනුයි.

 

”මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටත් ජනතාවත් රවට්ටවනවා. එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි රටට එතනෝල් ලීටර් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඔබලා දන්නවා, මේ ඡන්දය සම්පූර්ණයෙන්ම දිව්වේ අරක්කුවලින් කියලා.

 

2019 ජූලි සුරාබදු ආදායම රු. මිලියන 8,110 යි. 2020 ජූලි ඡන්දය නිසා ඒක රු. මිලියන 13,557 ක් වුණා. රට වටේම මහ මැතිවරණය කළේ, අරක්කු බෙදලා. හැබැයි මාතලේ අරක්කු බෙදපු හැමෝම පැරදුණා.

 

දඹුල්ලේ වෙළෙදපොළේ කහ ටිකක් ගන්න නෑ. හැබැයි බියර් ලීටර් 79,021,760 ක් මේ අවුරුද්දේ පිටරටින් ගෙනල්ලා තියෙනවා. ගොවියට පොහොර ටික නෑ. හැබැයි වයින් ලීටර් 684,765,400 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා තියෙනවා. අපේ ගෑණු ළමයින්ට, මූනේ ගාන්න ක්‍රීම් එකක් කඩේ නෑ. හැබැයි විස්කි, බ්‍රැන්ඩි ලීටර් 139,161,220 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා”

 

views

793 Views

Comments

arrow-up